Sunday 12 August 2012

දැරියක අපයෝජනය කළ තරුණයෙක්

අවුරුදු 12 ක දැරියක බරපතල ලෙස ලිංගික අ‍පයෝජනයට ලක් කළ පුද්ගලයකු අලව්ව, කැකුලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ, දිර්ඝ කාලයක සිට එම දැරියට නිදි පෙති පානය කිරීමට සලස්වා අදාළ අපයෝජනය සිදුකර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. දැරියගේ මව විදේශගත ව සිටින අතර පියාද මත්පැනට ඇබ්බැහි වී ඇති බව පරික්ෂණවලදී හෙළි වී තිබේ. දැරිය කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් වෛද්‍ය පරික්ෂණයකට ලක්කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ

No comments:

Post a Comment