Thursday, 9 August 2012
ඉසෙඩ් අගය සම්බන්ධ පෙත්සම් 5 ක් විභාගයට
පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් ගොනු කළ පෙත්සම් 4 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ඒ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රිපවන් යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් සලකා බැලු අවස්ථාවේදීය.
350 කට අධික සිසුන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු
නොකිරීමෙන් තමන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව අහිමි වූ බවයි.
ඒ අතර මුල්වර නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා ඇතුළුවීමට අවස්ථාව හිමි වු තමන්ට ඉසෙඩ් අගය දෙවන වරට නිකුත්වීමෙන් එය අහිමි වූ බව පවසමින් ඉදිරිපත් වු පෙත්සමක් ද විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.
එම පෙත්සම ගොනුකරනු ලැබ තිබුණේ, සිසුන් 23 දෙනෙකු විසිනි.
මෙහිදී අගවිනිසුරුවරිය කියා සිටියේ මුල්වරට නිකුත් කළ ඉසෙඩ් අගය පිළිගත නොහැකි බව අධිකරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
එහෙත් දුක් ගැනවිල්ලක් සේ සලකා ඔවුන්ගේ පෙත්සම විභාග කෙරෙන බව ද අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.
ඒ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම් පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තුරු විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර නොගන්නා බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment