Wednesday, 15 August 2012

බලපෑම්වලට බිය වෙන්නේ නැහැ - රන්ජන් ජයලාල්

වර්ජනයේ නියුතු සේවකයින්ට තර්ජනය කිරීම් හා බියවැද්දීම් සිදුකිරීමට බලධාරීන් පටන්ගෙන ඇතැයි ලංකා විදුබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසා ඇත. විදුලිබල මණ්ඩලයේ වාර සේවා මුරසේවක පිරිසකට එරෙහිව සාමාන්‍යාධිකාරිවරයාගේ අත්සනින් නිකුත් කළ ‘‘දඬුවම් ලිපි‘‘ බලරහිත කරන තෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් කිසිදු බලපෑමකට හෝ බියවැද්දීමකට යට නොවී සේවක අයිතීන් දිනාගැනීම වෙනුවෙන් කැපවෙන බවත් ඒ මහතා පවසා ඇත. ජූලි 06 දින විදුලි සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තෝරාගත් සේවක පිරිසකට පමණක් එරෙහිව ‘‘දඬුවම් ලිපි‘‘ නිකුත් කර ඇත. එසේම වර්ජනය නතර කිරීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවේදී ගත් තීරණ හා පොරොන්දු කඩකරමින් පාලනාධිකාරිය කටයුතු කළ නිසා යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට සිදුවූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

No comments:

Post a Comment