Wednesday, 15 August 2012
වර්ජනයේ නිරත විදුලි සේවකයින්ට විශේෂ නිවේදනයක්
වැඩවර්ජනයේ නිරත විදුලි සේවකයින් අනිද්දා දහවල් 12.00ට පෙර යළි සේවයට වාර්තා කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
එහි සාමන්‍යාධිකාරිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එසේ සේවයට වාර්තා නොකරන සේවක මහත්ම මහත්මින්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අතර විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 2008 වසර සහ ඉන් පසුව විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ලැබූ පුහුණු ක්ෂේත්‍ර සේවක මහතුන් වහාම ළඟම පිහිටි ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට හෝ විදුලි බලස්ථානයට වාර්තා කරන්න ලෙස ඉල්ලා සිටින බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment