Wednesday, 15 August 2012

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයකට මුද්‍රා තැබේ

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පවත්වාගෙන ගිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාට අයත් කාර්යාලයකට මුද්‍රා තබා තිබේ. කෑගල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී හා දිස්ත්‍රික් ලේකම් තුසිත වනිගසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ‍ නීති අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි. අතාවුද සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ පුත්‍රයෙකු මෙවර සබරගමු පළාත් සභා මැතිවරණයට තරග වැදීම ද අදාළ කාර්යාලය මුද්‍රා තැබීමට හේතු වු බව දිස්‍ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඒ අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පවත්වාගෙන ගිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ කාර්යාලය ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කටයුතුවලට භාවිත වන බවට තොරතුරු ලැබී තිබු බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. එම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම කාර්යාලය මුද්‍රා තැබීමේ කට

No comments:

Post a Comment