Monday, 13 August 2012
භූකම්පනයෙන් පීඩාවට පත් ඉරාන ජනයාට ජනපති සංවේගය
භූකම්පන දෙකකින් පීඩාවට පත් ඉරානයේ ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දැඩි සංවේගය පළ කර සිටී. ඉරාන ජනපතිවරයා වෙත පණිවිඩයක් යවමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.පා
භූමිකම්පාවෙන් ඉරානයට සිදුවූ හානිය දැනගැනීමෙන් තමා කම්පනයට පත්වූ බව ද ජනාධිපතිතුමා ඉරාන ජනපති මහමුද් අහමඩිනෙජාඩ් මහතා මෙත යැවූ ශෝක පණිවිඩයෙන් දන්වා ඇත.
මේ මොහොතේ ඉරානයට අවශ්‍ය සහය සහ උපකාර ලබාදීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දන්වා සිටියේය.
ඉරානයේ ඊසාන දිග පිහිටි ටබ්‍රිස් නගරාසන්නයේ ඊයේ හටගත් භූ කම්පන දෙකකින් පුද්ගලයින් 300ක් පමණ මියගොස් තවත් දහස් ගණනක් තුවල ලැබූහ.
ඒජන්සි වාර්තා පවසන අන්දමට 60 ක් පමණ වූ පසුකම්පන සංඛ්‍යාවක් ද වාර්තා වී තබේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment