Thursday, 9 August 2012
ඇලිසන් ඉදිරියේ ලොව වේගවත්ම කත පරදී
අමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස් අද අලුයම පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මිටර් 200 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තාය.
2004 සහ 2008 වසරවලදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල්, අඛණ්ඩව දෙවරක් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගත් ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, ඇමරිකාවේ ඇලිසන් ෆිලික්ස් සහ කාමෙලිටා ජෙටර් යන ප්‍රබල ක්‍රීඩිකාවෝ ඊට එක්ව සිටියෝය.
තත්ත්පර 21.88කින් තරගය නිම කරමින් රන් පදක්කමට හිමිකම් කීවේ අමෙරිකාවේ ඇලිසන් ෆීලික්ස්ය.
2004 සහ 2008 ඔලිම්පික් උළෙලවලදී මෙම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කී ෆීලික්ස් දිනූ පළමු ඔලිම්පික් රන් පදක්කම මෙය වේ.
මීටර් 100 ඔලිම්පික් ශූරි ජැමෙයිකාවේ ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් තරගයේ රිදී පදක්කම දිනා ගත්තාය.
ඇමරිකාවේ කාමෙලිටා ජෙටර් ලෝකඩ පදක්කම දිනා ගත් අතර ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බෙල්ට හිමි වූයේ තරගයේ සිව්වැනි ස්ථානයයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment