Thursday, 9 August 2012

ආචාර්යවරුන්ගේ ඇතැම් ඉල්ලීම් හාස්‍යජනකයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ‍ ඔහු කියා සිටියේ උසස් පෙළ විභාගය සම්බන්ධව මතු වී ඇති අර්බුදය තව තවත් උත්සන්න කරමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර සමික්ෂණය පිළිබඳව ද ගැටලු මතුවෙමින් පවතින බවයි. විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ ගැටලුව සඳහා ලබාදීමට යන විසදුම් කුමක්ද යන්න විපක්ෂ නායකවරයා එහිදි ප්‍රශ්න කළේය. උසස් අධ්‍යාපන ඇමති එස්.බි. දිසානායක මහතා එහිදී කියා සිටියේ වර්ජන කණ්ඩායම් සමග අද සහ හෙට දිනයේ සාකච්ඡා පැවැත්වෙන බවයි. එසේම ඔවුන්ගේ ඇතැම් ඉල්ලීම් හාස්‍යජනක ඒවා වන අතර සමහර ඉල්ලීම් කිසිසේත් ලබාදිය නොහැකි ඒවා බවද එස්.බි. දිසානායක මහතා සදහන් කළේය. ඉසෙඩ් ස්කොර් අර්බුදයෙන් අසාධාරණයට ලක් වු ළමුන් වැඩි පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ.

No comments:

Post a Comment