Thursday, 9 August 2012

ඩෙංගු රෝග විනිශ්චය පැයකින්

කිසියම් පුද්ගලයකුට ‍ඩෙංගු වැළ දී ඇද්ද යන්න පැයක් ඇතුළත නිශ්චය කිරීමට හැකි රසායනික මෙවලම් කට්ටලයක් මෙරටට ලැබී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙංගු රෝග ආවේක්ෂණය සඳහා වන සිව් අවුරුදු ව්‍යාපෘතිය යටතේ මෙම උපකරණ මෙරටට ලැබුණු බවයි. දකුණු කොරියාවෙන් ලැබුණු එම උපකරණ නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ රිජ්වේ ආර්යා ‍ළමා රෝහලේ සහ අයි.ඩි.එච්. රෝහලේ භාවිත කිරීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන්ය. එහි සාර්ථකත්වය මත එම උපකරණ කට්ටල ශ්‍රි ලංකාවේ රෝහල්වල භාවිත කිරීමට නියමිතයි. ඩෙංගු රෝග නිශ්චය සඳහා දැනට භාවිත කරන ක්‍රමවේදය අනුව ඒ සඳහා අවම වශයෙන් දින දෙකක කාලයක් ගත වේ.

No comments:

Post a Comment