මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය ප්‍රදේශයට අද සවස බලපෑ තද සුළං හා වැසි හේතුවෙන් නිවාස 10කට හානි සිදුව තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අද පස්වරු 4 ට පමණ සුළග ඇති වු බවයි.
කුඹුක්කන ප්‍රදේශයේ නිවාස 4 කට හා සියඹලාගුණය ප්‍රදේශයේ නිවාස 6 කට හානි සිදුව ඇති බව ඔහු සදහන් කළේය.
මේ අතර මොණරාගල, 2 කණුව ප්‍රදේශයේදී බස්රථයක් මතට ගසක අත්තක් කඩා වැටී තිබේ.
කොඩිප්පිලි මහතා සදහන් කළේ ඉන් මගීන්ට අනතුරක් සිදුව නොමැති අතර බස් රථයට හානි සිදුව ඇති බවයි
No comments:
Post a Comment