Tuesday, 25 September 2012
ත්‍රිත්ව ඝාතනයේ සැකකරු යළි බන්ධනාගාරයට
වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ පාරේ නිවසක දී සිය පියා, මව සහ නැගණිය ඝාතනය කළ බව කියන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
ඒ මෙම සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැල්ලවත්ත පොලිසිය සැකකරු සම්බන්ධයෙන් මේ වන තෙක් මානසික වෛද්‍ය වාර්තා ඇති බව අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම ඔහුට කිසිදු මානසික ආබාධයක් නොමැති බව එහි සඳහන් වන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ කැමැත්තක් ඇති නම්, පාපොච්චාරණයක් කිරීමට හැකියාවක් පවතින බව ප්‍රකාශ කළේය.
ඒ අනුව සැකකරු ලබන ඔක්තෝබර් 9 වැනි දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරග
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment