Sunday, 16 September 2012

හොරෙන් ඔස්ට්‍රේලියාවට යාමට ගොස් මුහුදේ අතරමං වූ 52ක් අත්අඩංගුට

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට යාමට ගොස් ගැඹුරු මුහුදේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් පිරිස නාවික හමුදාවේ විශේෂ යාත්‍රාවකින් අද උදෑසන ගාල්ල වරායට රැගෙන එනු ලැබීය. එලෙස පුද්ගලයින් 52 දෙනෙකු රැගෙන ආ බවත් ඔවුන් සියලු දෙනා පිරිමින් බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල කුලසූරිය මහතා පැවසීය. එම පිරිස පසුගිය ජූලි මස 26 වැනිදා හලාවතින් ඔස්ට්‍රේලියාවට යාමට පිටත්ව ගොස් ඇති අතර ඔවුන් රැගත් යාත්‍රාව ගැඹුරු මුහුදේ දී අනතුරට ලක් වීමෙන් පසු අදාල පිරිස මාස දෙකකට ආසන්න කාලයක් මුහුදේ අතරමංව සිට ඇති බවත් ගොඩබිමට රැගෙන ආ පිරිසෙන් කිහිප දෙනෙකු දැඩි රෝගී තත්වයෙන් පසුවන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

No comments:

Post a Comment