Sunday, 16 September 2012

රෙදි හොරුන් 5 ක් අත්අඩංගුවට

ඇඟළුම් සොරකම් කිරී‍මේ මහා පරිමාන ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ. කටුනායක ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවකින් විදේශ රටවලට අපනයනය කරනු ලබන ඇඟළුම් සොරකම් කරන ලද බව කියන පුද්ගලයින් 5ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ ජාවාරම හෙළි කරගැනිමට හැකි වූ බව පොලීසිය පවසයි. අදාළ කර්මාන්ත ශාලාවෙන් අපනයනය සඳහා යොමු කරන ලද ඇඟළුම් බහාලන කන්ටේනර් අතරමඟ දී වෙනත් ප්‍රදේශ වලට රැගෙන ගොස් රහසිගතව ඒවායේ රෙදිපිළි සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. එලෙස සොරකම් කරන ලද රුපියල් කෝටි 6 කට ආසන්න රෙදිපිළි තොග කටුනායන පොලීසිය සොයා ගෙන ඇත. අදාළ ඇඟළුම් වරායට රැගෙන එන අතරතුර දී රියැදුරන් මෙම ජාවාරම සිදු කර ඇති බවත් අදාළ ඇඟළුම් මිල දී ගන්නා රටවලින් කරනු ලැබූ පැමිණිලි මත එම ජාවාරම හෙළි කර ගත හැකි වූ බවත් පොලීසිය සඳහන් කරයි.

No comments:

Post a Comment