Tuesday, 25 September 2012

බණ්ඩාරවෙලට අයිස් වැටෙයි

ඌව පළාතේ ප්‍රදේශ බෝහෝමයකට පසුගිය කාලයේදී පැවතියේ දැඩි නියඟ තත්ත්වයකි. එහෙත් මේ වන විට එම පළාතේ බොහෝමයක් ප්‍රදේශවලට වැසි ඇති වන බව අප වාර්තාකරුවන් පවසයි. මේ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද (25) දිවා කාලයේදී දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල යන ප්‍රදේශවලට අයිස් කැට වරුෂාවක් ඇදවැටී තිබේ. පස්වරු 1ට පමණ ආරම්භ වු මෙම අයිස් කැට වරුෂාව විනාඩි 15ක පමණ කාලයක් පැවැති බව ද වාර්තාවේ. එහිදී තරමක විශාල ප්‍රමාණයේ අයිස් කැට වැටී තිබේ. මේ බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව අයිස් කැට වරුෂාව පතිත වූ ආකාරයයි.

No comments:

Post a Comment