Monday, 17 September 2012

මාලක අතුළු සැකකරුවන් රිමාන්ඩ්

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ඇතුළු සැකකරුවන් 7දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේ, පළමු හා දෙවන සැකකරුවන් වන මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන දෙදෙනා හැර අනෙකුත් සැකකරුවන් ලබන 24 වැනිදා හඳුනාගැනීමේ පෙරරෙට්ටුවකට ඉදිරිපත් ලෙසයි. මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න ඇතුළු පිරිස අද කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වූයේ හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහර දෙන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. ඉකුත් 9 වැනිදා අලුයම් කාලයේ කොළඹ සුපිරි හෝටලයකදී අදාළ ගැටුම හටගෙන තිබූ අතර පහරදීමෙන් තුවාල ලැබූ හමුදා බුද්ධි අංශ මේජර්වරයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

No comments:

Post a Comment