Thursday, 27 September 2012

ඉස්ලාම් දහමට නිගා කළ චිත්‍රපට නිෂ්පාදක අත්අඩංගුවට

ඉස්ලාම් දහමට නිගා වූ බව කියන චිත්‍රපටය නිර්මාණයට සම්බන්ධ පුද්ගලයකු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මීට පෙර අධිකරණය නියම කළ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මතයි. නකොවුලා බැස්ලි නකොවුලා නැමති මෙම පුද්ගලයාට බැංකු වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් මීට පෙර ඇප නියම කර තිබුණි. ඒ අනුව ඔහුව බන්ධනාගාරයෙන් මුදා හැරෙන්නේ 2011 වසරේදීය. ඔහුට ඇප නියම කිරිමේදී ඉන්ටර්නෙට් භාවිතය හා අන්වර්ථ නාමවලින් පෙනී සිටීම අධිකරණය තහනම්කර තිබූ බව බීබීසි ලෝක සේවය සඳහන් කළේය. මෙම පුද්ගලයා තවදුරටත් රඳවා තිබීමට ලොස් ඇන්ජලීස්හි අධිකරණයක් නියෝග කර තිබේ.

No comments:

Post a Comment