Tuesday, 25 September 2012

බිලිඳු කළලය විනාශ කළාට දෙදෙනාම දැලේ

දැරණියගල උඩබාගෙවත්ත මැද කොටසේ බිළිදු කළලයක් විනාශ කළ බව කියන තරුණියක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ තරුණිය මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි. මාස තුනක් වයසැති බිලිඳු කළලයක් මෙලෙස විනාශ කර ඇති බව පරික්ෂණවලදී හෙළිවී තිබේ. පොලිසිය පැවසුවේ සැකකාරිය සහ සැකකරු අවුරුදු 18 සහ 21 යන වයස්වල පසුවන්නන් බවයි.

No comments:

Post a Comment