(ඡායාරූප සංස්කතරණය) විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පාගමනට ජනතා සහය ඉතා ඉහළින් ලැබෙන බව වාර්තාවේ.
අධ්‍යාපනය වෙනුවෙන් දළදේශීය නිශ්පාදනයෙන් 6%ක් වෙන්කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඊයේ (24) ගාල්ල නගරයෙන් ඇරඹි පාගමනේ දිනය නිමාකරමින් එදින පස්වරුවේ අම්බලන්ගොඩ නගරයට ළඟාවිය.
එහි දෙවන දිනය වන අද (25) පෙරවරුවේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ අතර එම අවස්ථාවට අම්බන්ගොඩ ජනතාවගේ විශේෂ ආශිර්වාදයද එක්කර ඇත.
ඔවූහු බලපිටිය, අහුන්ගල්ල ආදී නගර පසුකරමින් මේ වනවිට කොස්ගොඩ නගරයට ළඟාවී සිටිති.
ආචාර්යවරුන් ඇතුළු පිරිස පැමිණි මග දෙපස ජනතාව එක්රොක්වෙමින් ආචාර කරමින් උනුසුම් ලෙස පිරිස දිරිගැන්වූ බවත් සිසිල්පැන් ආදියෙන් සංග්‍රහ කළ බවත් වාර්තාවේ. ඔවුන් පැමිණි මග දෙපස තිබු පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාරට පැමිණ ජයවේවා යැයි හඬනගා කියමින් ආචාර්යවරුන්ට තම සහාය පළ කර ඇත.
ඊයේ දිනයේ මෙන් අද දිනයේද දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ඒ සඳහා එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, සමාජවාදී කම්කරු සංගමයේ ජාතික සංවිධායක, ජවිපෙ දේශපාලන මණ්ඩලසභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා, දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා, සමස්ත ලංකා පොදුධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියහ.
අළුත්ගම නගරයෙන් අද දිනය නිමාකිරීමට ඔවුන් තීරණය කර ඇති අතර හෙට (26) අළුත්ගම සිට කළුතර දක්වා ගමන් කරනු ඇත


No comments:
Post a Comment