Monday, 24 September 2012
සරසවි ආචාර්ය පාගමනට විශාල පිරිසක්
විශ්වවිද්‍යාල ආචාර්වරුන් ආරම්භ කළ පාගමන අද (24) පෙරවරු කාලයේ ගාල්ලෙන් ආරම්භ කළ බවත් ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටින බවත් වාර්තා වේ.
මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගි වී ඇත.
එසේම මේ වනවිට දැඩි වර්ෂාව නොතකමින් විශාල ජන සහභාගිත්වයක්ද සමගින් එම පාගමන රත්ගම ප්‍රදේශය පසුකරමින් ඉදිරියට ගමන් කරන බවත් එය අද(24) සවස අම්බලන්ගොඩ දක්වා පැමිණීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කළ පාගමනද මේ වනවිට මහනුවර සිට ඉදිරියට පැමිණෙන අතර එය අද (24) සවස මාවනැල්ල දක්වා පැමිණීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment