Monday, 24 September 2012
විසදුම් ඉල්ලා සරසවි අඳුරන් පාගමනක
විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද පෙරවරුවේ ගාල්ලෙන් විරෝධතා පාගමනක් ආරම්භ කළේය.
අදාළ පාගමන 28 වෙනිදා කොළඹට පැමිණිමට නියමිතයි.
ආගමික වතාවත්වලින් පසුව ඇරඹි පාගමනට විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් සමග දේශපාලන පක්ෂ හා තවත් වෘත්තිය සමිත රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
අදාළ විරෝධතා පා ගමන ආරම්භ කරනු ලැබූවේ, විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ ගැටලුවලට කඩිනමින් විසදුම් දෙන ලෙස රජයට බල කරමිනි.
ඒ අතර නිදහස් අධ්‍යාපනය දිනා ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ද අද පෙරවරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පැවසූවේ, මෙම විරෝධතා පා ගමන 28 වැනිදා කොළඹට ළඟා වනු ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment