Monday, 24 September 2012

මාලකට, රෙහාන්ට විදේශගත වෙන්න අවසර

කොළඹ සුපිරි හෝටලයකදී යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයකුට හා කෝප්‍රල්වරයකුට පහරදුන් බව කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මර්වින් සිල්වා‍ මහතාගේ පුත් මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන මහත්වරුන්ට විදේශගතවීමට අධිකරණය අද අවසර දුන්නේය. ඒ, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. පහරදීමට ලක්වූ මේජර්වරයා එම ස්ථානයට ගොස් ඇත්තේ, රාජකාරී කටයුත්තකට නොව සිය බලතල අනිසි ලෙස භාවිත කරමින් කැසිනෝ හිමිකරුවකුට පෞද්ගලිකව ආරක්ෂාව සැපයීමට බව කරුණු වාර්තාවී ඇති බව අධිකරණයට කරුණු වාර්තාකරමින් කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. අධිකරණයේ අද පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සිද්ධියේ එක සැකකරුවකු අදාළ හමුදා මේජර්වරයා විසින් හඳුනාගනු ලැබීය. පෙරට්ටුවට ‍අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් කර සිටියේය. කෙසේ වෙතත් පහරදීමට ලක්වූ කෝප්‍රල්වරයාට කිසිදු සැකකරුවකු හඳුනාගැනීමට නොහැකි විය. මේ අතර දැනට අධිකරණයෙන් ඇප ලබාසිටින පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජෙරත්න යන මහත්වරු ද අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පසුව අදාළ පැමිණිල්ල අද පස්වරු 1.30 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියම කළේය.

No comments:

Post a Comment