Monday, 17 September 2012

කැලණි සිසුන් සත්‍යග්‍රයක

විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. ඒ සිසුන් පිරිසක් කැලණිය විශ්වවිද්‍යාලයේ සිට විරෝධතා පා ගමනකින් පැමිණිමෙන් අනතුරුවයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණි. කැලණිය විශ්වවිද්‍යලයේ සිට කිරිබත්ගොඩ දෙසට සිසුන් ගමන් කිරීම හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇති විය. සිසුන් සත්‍යග්‍රහය ආරම්භ කළේ, කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිරිපිටදීය. විශ්වවිද්‍යාල ආරම්භ කරන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව ඔවුහු පවසති

No comments:

Post a Comment