Monday, 17 September 2012

නැගෙනහිර බලය කාටද?

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම පිළිබඳව කථාබහ තවදුරටත් ජනතා අවධානයට ලක්ව ඇත්තේ කිසිදු පාර්ශවයක් මෙතෙක් ඒ පිළිබඳ අවසාන නිගමනයකට පැමිණ නැති බැවිනි. මෙවැනි පසුබිමක් තුළ නැගෙනහිර පළාතේ බලය පිහිටුවන්නේ කවුද ? නැගෙනහිර පළාතේ බලය පිහිටුවීමේ තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජාතික නිදහස් පෙරමුණ එක්ව ගත් කළ ඔවුන් සතුව ආසන 15ක් තිබෙන බැවින් නැගෙනහිර පළාත් සභාව පිහිටුවීම සඳහා ඔවුන්ට අවස්ථාව නිතැතින්ම හිමි වේ. එහෙත් මෙය තුලනය වන්නේ, දැටමත් එක්ව කටයුතු කිරීමට සූදානමින් සිටින ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංඛ්‍යාව එක්ව ගත් කළ ඔවුන්ට ද ආසන 15ක් හිමි වන බැවිනි. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය එක්වන්නේ, කා සමග ද යන්න මෙතෙක් ප්‍රකාශ වී නොමැත. දැනටමත් මුස්ලිම්වරයෙකුට මහඇමති ධූරය ලබාදීමට ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය කර ඇති ප්‍රකාශය මුස්ලිම් කොංග්‍රසය ප්‍රතික්ෂේප කර නොමැත. එබැවින් පසුබිමක් තුළ මුස්ලිම් කොංග්‍රස් නායකයා ඊයේ කියා සිටියේ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුස්ලිම්වරයකු වනු ඇති බවයි. එම මුස්ලිම්වරයා ආණ්ඩුව පාර්ශවයෙන්ද එසේත් නැතිනම් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර සිටින විරුද්ධ පාර්ශවයෙන් ද යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කරුණකි. මෙය වඩාත් ත්‍රීවුර වන්නේ එක්සත් ජනාතා නිදහස් සන්ධානය සමග නැගෙනහිර පළාත් සභාවට එක්ව තරග කළ ජාතික කොංග්‍රසය සහ සමස්ත මුස්ලිම් කොංග්‍රසය ක්‍රියාකරන ආකාරය පිළිබඳව අදහස් ප්‍රකාශවීමත් සමගයි. මේ අතර අද ප්‍රවෘත්ති සකච්ඡාවක් කැඳවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් කළ ජාතික සංවිධන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසන්නේ, මුස්ලිම්වරයකුට මහ ඇමතිධුරය ලබාදීම සම්බන්ධයෙන් තමනගේ කිසිදු විරෝධයක් නොමැති බවයි. ඒ අතර පළාත් සභා මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කළ අසාද් සාලි මහතා පවසන්නේ, ආණ්ඩුව විරුද්ධව ඡන්දය දුන් දෙමළ කතාකරන බහුතරයේ ඉල්ලීම සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ බලය පිහිටු විය යුතු බවයි.

No comments:

Post a Comment