Sunday, 16 September 2012

රජයෙන් තවමත් විවෘත සහතිකයක් නැහැ

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය තම පක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් විවෘත සහතිකයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඊයේ පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ එම්.එච්.එම්.අෂ්රොෆ් මහතාගේ 12 වැනි ගුණසමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍ය‍ වෙත අදහස් දක්වමිනි. ඒ අතර අප කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, මැතිවරණය පැවැති පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවයි. කෙසේ වෙතත් කඩිනමින් අවසන් තීරණයකට එළැඹෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම පිළිබඳව ඊට අදාළ පාර්ශ්ව සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බව ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment