Tuesday, 25 September 2012

අන්තරේ කැඳවුම්කරුට අවවාදයක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා අද ඇප මත මුදා හැර තිබේ. ඒ, රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මතයි. මෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා සංජීව බණ්ඩාර මහතාට අවවාද කළේ, නැවත නීති විරෝධී ජනරාශියක සාමාජි‍කයෙකු නොවන ලෙසයි. මහජනතාව පීඩාවට පත්කරන උද්ඝෝෂණ සංවිධාන කිරීම සහ ඒවාට සහභාගි නොවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කළේය. මීට අමතරව සෑම සතියකම සඳුදා, බදාදා, සහ සෙනසුරාදා දිනවල පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසද සංජීව බණ්ඩාර මහතාට අධිකරණය නියෝග කළේය. මෙහිදී අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය වැළැක්වීමට තමන් නියෝග නිකුත් නොකරන බවයි. අයුතු ජනරාශියක සාමාජිකයින් වෙමින් පොලිසියේ රථයකට රුපියල් හැත්තෑ පන්දහසකට ආසන්න අලාභයක් කිරීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 20 වැනිදා සංජීව බණ්ඩාර මහතා අත් අඩංගුවට ගනු ලැබීය. පැමිණිල්ල ලබන මස 2 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

No comments:

Post a Comment