පුද්ගලයෙකුගේ කනක් කපා දමිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් පිළියන්දල මාළු වෙළදපළේ වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
අදාල පුද්ගලයා මාළු මිලදී ගැනිමට ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස් විමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර තිබේ.
කන කැපීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
No comments:
Post a Comment