Friday 21 September 2012

පිළිකා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

වාර්ෂිකව පුද්ගලයින් 20,000කට අධික පිරිසක් පිළිකා රෝගීන්ගේ ලැයිස්තුවට එකතු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට පිළිකා රෝගය මෙරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මුඛ පිළිකා, ගැබ් ගෙල පිළිකා, තයිරොයිඩ්ස් පිළිකා, ගලනාල සහ පෙනහළු පිළිකා, ගුද මාර්ගයේ පිළිකා, මොලය ආශ්‍රිත පිළිකා සහ ලියුකේමියා පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා මෙරට බහුලව දැකිය හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. යාපනය දිස්ත්‍රික්කයෙන් පමණක් වසරකට අලුතින් පිළිකා රෝගීන් පන්දහසක් පමණ වාර්තා වන බව සඳහන්ය. ඒ හේතුවෙන් උතුරු පළාතේ පිළිකා රෝගීන් සඳහා යාපනය තෙලිප්පලේ රෝහලට අනුබද්ධව රුපියල් මිලියන 260 ක වියදමින් නව පිළිකා රෝහලක් ඉදිකිරිමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment