Sunday, 16 September 2012
මාලක සිල්වා පොලිසියේ දෙද්ද ගලවයි
පොලිසියට අවශ්‍යතාවක් තිබුණේ නම් තමාව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව මාලක සිල්වා පවසයි. කෙසේ වෙතත් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව තමන් අද පොලිසියට කටඋත්තරයක් ලබා දෙන බවද ඔහු පවසයි.
සම්මුඛ සාකච්ඡාව ලබා දෙන මොහොතේද තමන් 'පොඩි ගමනක්' යමින් සිටින මාලක සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ 'අද' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මාලක සිල්වා මෙසේ පැවසුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ම යොදවා ඇති බවයි. යුද හමුදා මේජර්වරයාට පහර දීමේ සිදුවීමෙන් දින ගණනාවක් ගත වී ඇතත් එම විශේෂ පොලිස් කණ්ඩායම් දෙකට මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට හැකි නොවීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment