Thursday, 27 September 2012

සරසවි ඇඳුරු වර්ජනය රාජ්‍ය විරෝධී ක්‍රියාවක්

රාජ්‍ය විභාග ක්‍රමයට අවලාද නගමින් උසස් පෙළ ඇගයීම් කටයුතුවලින් වැළකි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන යන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොව රාජ්‍ය විරෝධී කටයුත්තක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම කුමන්ත්‍රණය පරාජය කිරීමට පෙළගැසෙන ලෙසයි. අධිරාජ්‍යවාදී, ස්වදේශික විරෝධී පක්ෂ හා කණ්ඩායම් එක්ව ශ්‍රි ලංකාවද ලිබියාව, ඊජිප්තුව, සිරියාව වැනි රටක් බවට පත් කිරිමේ දේශද්‍රෝහී අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පවසයි. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම කණ්ඩායම් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය අතකොළුවක් ලෙස භාවිත කරන බවයි. සමාජ සුභසාධනවාදී මුලධර්ම මත පිහිටා කටයුතු කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍යය සදහා රාජ්‍ය අනුග්‍රහය වැඩි වශයෙන් ලබාදෙනුයේ ඒවා මෙරට ජන ජිවිතයේ අතිශය ‍ගෞරවයට බදුන්වන හෙයින් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

No comments:

Post a Comment