Thursday, 27 September 2012

සරසවි ඇඳුරන් සිව්වන දිනටත් මහපාරේ

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මතුව ඇති ගැටළු වහා විසඳන්නැයි බල කෙරෙන පාගමන අද හතරවන දිනටත් ක්‍රියාත්මක විය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් ස්ථාන දෙකකින් පසුගිය සඳුදා ආරම්භ කළ විරෝධතා පාගමන් හෙට කොලඹට ලඟා වීමට නියමිතයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විරෝධතා පාගමන අද කළුතර බස් නැවතුම්පොළ අසළින් ආරම්භ විය. ඔවුහු කළුතර බෝ සමිඳුන් අභියසදී ආගමික වතාවත් වල නිරත වෙමින් ආශිර්වාද ලබාගත්හ. කොළඹ මහනුවර මාර්ගය ඔස්සේ කොළඹ දක්වා පැමිණෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද නිට්ටඹූව බස්නැතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කළ අතර එය අද කඩවතින් අවසන් විය.

No comments:

Post a Comment