Thursday, 27 September 2012
බඩවැල් එළියට අරගෙන දැන් මහන්න බෑ කියනවා එස්.බී
විශ්ව විද්‍යාල ආචාර්ය විරෝධතා පා ගමනේ වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව,උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
''ඔය පයින් එන එකට මම කැමතියි.මොකද ඔය ෆොන්සේකා,රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණ මේ කට්ටිය සෑහෙන්න පොරයක් අල්ලගෙන එනවා පේනවා.අරපැත්තේ එන එක ඊටත් වඩා හොඳයි.මොකද ඒක දැන් තනිකර පෙරටුගාමී පක්ෂයේ කාටත් එන්න දෙන්නේ නැතිව අරගෙන එන්නේ.බලන්න දැන් ඔය පාගමනේ ආචාර්යවරු කීදෙනෙක් එනවාද කියලා.අපි ඊයේ බැලුවා ආචාර්යවරු එකසිය හතලිස් ගාණක් තමයි හිටියේ.හැබැයි පන්දාහක් ඉන්නවා ආචාර්යවරු.අපි ගණන් කරනවා.ගණන් කරනවා විතරක් නෙවෙයි අපි පොටොත් ගහගන්නවා.මේක ඇතුළේ වෙන න්‍යාය පත්‍රයක් තියාගෙන වෙන පැත්තකට අදින පිරිසක් ඉන්නවා.පාසල් දරුවන්ගේ උත්තර පත්‍ර ටික බලන්නෑ.මේ අය තමයි ප්‍රශ්න ටික හැදුවේ.මේ අය තමයි ප්‍රශ්නපත්‍ර ටික හැදුවේ මේ අය තමයි ලකුණු ක්‍රමය හැදුවේ .මේ අය තමයි ලෙඩාව ඔපරේශන් කළේ.දැන් බඩ පළල එළියට අරගෙන බඩවැල් දැන් මහන්න බෑ කියනවා.''
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment