Monday, 17 September 2012
දැන් පුතා රිමාන්ඩ් මම එතැනින් ඒක අමතක කළා
මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා මහතා ඇතුළු 7 දෙනෙකු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
කොළඹ තරුපහේ හෝටලයක දී යුද හමුදා මේජර් වරයෙකුට පහර දුන් බව කියන සිදුවීමකට අදාළව අධිකරණය මේ නියෝගය කළේය.
මෙම සිදුවීමට අදාළව මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු අද උදෑසන කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර වූ පසුව කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන් අත්අඩංගුටවට ගෙන ප්‍රකාශ සටහන් කර කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
සිද්ධියේදී මේජර්වරයාගේ රාජකාරි ගිනි අවිය,ජංගම දුරකතනය හා මෝටර් රථයේ යතුර සැකකරුවන් පැහැරගෙන ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ වන විට අදාළ මේජර්වරයා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධියට අදාළව යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරිවරයා ද ඇතුළුව 7 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පැවසීය.
යුද හමුදා මේජර්වරයා අලුයම් කාලයේ දී රාජකාරියක් සඳහා මෙම සුපිරි හෝටලයට පැමිණියේ නම් ඒ සම්බන්ධ සටහන් තිබිය යුතු බව මාලක සිල්වා මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියහ.
අදාළ මේජර්වරයා මෙම හෝටල් සංකීර්ණයේ ඇති නිවසක සිටින ධනවත් කැසිනෝ හිමිකරුවෙකුගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන බවද විත්තියේ නීතිඥවරු චෝදනා කළහ.
මේ අතර මාලක සිල්වා මහතාගේ පිට කොන්දේ ශල්‍යකර්මයක් කිරීමට ඇතැයි විශේෂඥ ස්නායු වෛද්‍යවරයෙකුගේ වාර්තාවක්ද සමඟ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන් අතර දෙවන විත්තිකරු වන රෙහාන් විජේරත්න මහතා ද බරපතල රෝගී තත්වයකින් පෙළෙන බව ද අධිකරණයට දැනුම් දුන්හ.
එම කරුණු සලකා බලා ඇප ලබා දෙන්නැයි නීතීඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන මහත්වරුන් හැර සෙසු 5 දෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුටකට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
සිද්ධිය වු අවස්ථාවේ හෝටලටයේ ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ දර්ශන හා මේජර්වරයා එම ස්ථානයට පැමිණීමට හේතුව ඇතුළත් වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.
මේ අතර අධිකරණයට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.
’’මේකෙන්ම පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව කොයිතරම් විනිවිදභාවයකින් වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නීතිය රකින රජයක්ද කියන එක.දැන් පුතා රිමාන්ඩ් වුණා එතනින් මම ඒක අමතක කළා.වේදනාවක් පියෙක් ආවා.මම බුදුදහම දන්න නිසා ඒ වේදනාව මං සන්තෝෂයක් බවට පත්වුණා.පහුගිය දවස් වල පත්තර හොඳට විකුණුනා.මර්වින් සිල්වා,මර්වින් සිල්වා පුතා.මම විනී මුදලාලිගේ පුතා හැටියට ගමේ මම කොච්චර ගහගෙන තියනවාද?කිසි පත්තරයක් දන්නේ නෑ මං බෙලිඅත්තේ ඉන්න කාලේ.ඇමතිවරයාගේ පුතා නූනනම් මගේ පුතා කිසම දෙයක් දන්නේ නෑ.’’
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම සිදුවීම පිළිබඳව අදහස් පළ කළේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment