Thursday 18 October 2012

යකඩ පෙති පානය කළ සිසුවියන් තිදෙනකු රෝහලේ

යකඩ අඩංගු පෙති වර්ගයක් පානය කිරිමෙන් අනතුරුව නුවරඑළිය, ගල්පාලම ප්‍රදේශයේ පාසලක සිසුවියන් තිදෙනකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ. එහි නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් 11වැනි වියේ පසුවන්නන් බව ය. යකඩ අඩංගු පෙති පානය කිරීමෙන් අනතුරුව ඔවුන්ට අතුරු ආබාධ හටගෙන තිබේ. මේ වනවිට එම ළමුන්ගේ තත්ත්වය සුව අතට හැරී ඇත. පාසලේ පැවති සායනයකදී අදාළ ළමුන්ටමෙම යකඩ අඩංගු පෙති ලබාදී ඇති අතර ආහාර ගැනීමකින් තොරව මෙම පෙති පානය කිරීම හේතුවෙන් මෙලෙස අතුරු ආබාධ හටගෙන ඇති බව නුවරඑළිය රෝහලේ වෛද්‍යවරයකු පැවසීය.

No comments:

Post a Comment