Friday 19 October 2012

නිධන් සොයද්දී පොලීසිය පනී

වීරකැටිය, ගෝනදෙණිය ප්‍රදේශයේ පුරාණ විහාරස්ථානයකට අයත් භූමියක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූවේ, සැකකරු ගෝනදෙණිය පුරාණ විහාරස්ථානයට අයත් කුඩාබිබුල පන්සල් භූමියෙහි ගරා වැටී ඇති චෛත්‍යයක් තිබු ස්ථානයක නිධන් හාරමින් සිටි බවය. කැනීම් සඳහා යොදාගත් උපකරණ පුදපුජා පැවැත්වීමට රැගෙන ආ භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ. වීරකැටිය පොලිසියේ නිලධාරින් වැටලීමට යන අවස්ථාවේ තවත් සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

No comments:

Post a Comment