Saturday, 13 October 2012

සදුදා සිට සියලු සරසවි විවෘතයි

ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අවසන් වීමත් සමග විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට අදාළ විශ්වවිද්‍යාලවල පාලනාධිකාරීන් තීරණය කර තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ, ඒ සඳහා සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇති බවයි. ඒ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන සදුදා විශ්වවිද්‍යාලය ආරම්භ වන බැවින් හෙට දිනයේ නේවාසිකාගාර හිමි සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවයි. ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාස තුනකට ආසන්න කාලයක් අඩාල වී පැවතියේය.

No comments:

Post a Comment