Monday, 8 October 2012

මහේල 20- 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

යොවුන් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම සඳහා 20- 20 නායකත්වයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ අවසන් මහා තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දි මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය. මෙහි දී අදහස් දැක් වූ මහේල ජයවර්ධන ’’ අපි කිසිම තරඟකාරී රිද්මයකින් ක්‍රිඩා කළේ නහැ.අපි හිතුවා ඒ ළකුණු සංඛ්‍යාව හඹා යන්න හැකියාව තියෙනවා කියලා.කොදෙව් ක්‍රීඩකයන් හොඳින් සෙල්ලම් කළා.අපිට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න හැකි වුණේ නැහැ.තරඟාවලිය පුරා අපේ පිතිකරුවන් හොඳින් දක්ෂතා ප්‍රදර්ශනය කළා.ඒත් මේ තරඟයේ දී අපි අසාර්ථකයි.පිතිකරුවන්ට සාර්ථක වෙන්න බැරි වුණා.අපිට හොඳ දිනයක් වුණේ නැහැ.මේ මොහොත ජීවිතේ කිසිම දිනක අමතක කරන්න වෙන්නේ නැහැ.කරන්නත් බැහැ.’’

No comments:

Post a Comment