Tuesday, 2 October 2012

20/20 ප්‍රවේශ පත් සොරා ගත් විදේශිකයාට ඇප

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය ජාතිකයා අද ඇප මත මුදා හැරිණ. ඒ එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදිය. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිකුත් නොකළ ප්‍රවේශ පත්‍ර 84 ක් හා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර 19 ක් සමග මොහු පෙ‍රේදා අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රවේශපත්‍ර සොරා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර විදේශිකයා අධිකරණය හමුවේ වරද පිළිගත්තේය. ඒ අනුව සැකකරු රුපියල් දසලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය. පැමිණිල්ල ලබන 16 වැනිදා යළි කැදවීමට නියමිතයි.

No comments:

Post a Comment