Tuesday, 2 October 2012

ලිංගික අල්ලසට පෙර පොලීසියේ දෙදෙනා කොටු

ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු හිඟුරක්ගොඩ සහ කලාවැවදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළේ, තම විමර්ශන කණ්ඩායම් යොදවා කළ වැටලීමකදී සැකකාර පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගත් බවයි. ස්වාමිපුරුෂයාට එරෙහිව කළ පැමිණිල්ලක් සමතයකට පත්කර දීම සඳහා ඔහුගේ බිරිඳගෙන් පුලස්තිගම පොලීසියට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයකු ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව එම කොමිසම සඳහන් කළේය. සැකකාර උප පොලිස් පරික්ෂකවරයා අද පෙරවරුවේ අදාළ කාන්තාව කැටුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ලැගුම්හලකට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් වංචා කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් තම ස්වාමිපුරුෂයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කිරීමේදී සහාය දැක්වීම සඳහා එප්පාවල පොලිසියට අනුයුක්ත සැරයන්වරයකුද ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම පැවසීය. සැකකරු එම කාන්තාව කැටුව කලාඔය ප්‍රදේශයේ ලැගුම්හලකට ගිය අවස්ථාවේදී අද දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය. සැකකාර උපපොලිස් පරික්ෂකවරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිස් සැරයන්වරයා තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

No comments:

Post a Comment