Monday, 1 October 2012
පැය 24 ක් තුළ රිය අනතුරු වලින් 5 ක් මරුට : 24 කට තුවාල
ගත වූ පැය 24 තුළ මහරගම ,අතුරුගිරිය,සහ හොරණ දී සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයෝ පස් දෙනෙක් මිය ගියහ.
එම අනතුරු වලින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.
අලුතින් ඉදි කෙරෙන අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රාත්‍රී ජංගම සංචාරයේ යෙදුණු කැබ් රථයක් අතුරුගිරිය සිට කඩුවෙල දෙසට ධාවනය වන අතරතුර අද අලුයම සිදු වූ එක් අනතුරකින් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයෝ සිව් දෙනෙක් මිය ගියහ.
මේ අතර අද අලුයම මහරගම,නාවින්න දී සිදුවූ තවත් රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන නාලක වෙදමුල්ල මහතා ජීවිතක්ෂයට පත්විය.
එසේම හොරණ මහරගම මාර්ගයේ තලගල දී අද උදෑසන බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment