Monday, 1 October 2012

වෛද්‍යවරයා පැහැරගත් කල්ලිය අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 25 ක කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් නාරම්මල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු පැහැරගත් බව කියන තවත් වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට සම්බන්ධ තවත් වෛද්‍යවරයකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඊයේ අදාළ වෛද්‍යවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයට පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. එහිදි අදාළ වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 5 ක චෙක්පතක් ලබාදිමෙන් පසුව ඔහු මුදා හැර තිබේ. මුදා හැරිමෙන් අනතුරුව එම වෛද්‍යවරයාගේ මොටර් රථය ඉල්ලු කප්පම් කරුවන් එය ලබා දීමට කැගල්ල ප්‍රදේශයට එන ලෙස පවසා ඇති බව පොලිසිය පැවසිය. මෝටර් රථය ලබාදිමට ‍ගිය වෛද්‍යවරයා ඇතුලු පිරිසක් කප්පම් කරුවන් දෙදෙනෙකු අල්ලා නාරම්මල පොලිසියට භාර දි තිබේ. පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන්ගෙන් එක් අයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු බව ය.

No comments:

Post a Comment