Monday, 1 October 2012

කොටකෙතන මව හා දියණිය ඝාතනයේ සැකකරුවන් අල්ලයි

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ අවසන් වරට සිදුවූ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. මීට දින 73 කට පමණ පෙර ජූලි මස 19 වනදා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ විසූ යූ.ඩී ප්‍රේමවතී හා ඇයගේ දියණිය වූ පුෂ්පා කුමාරි යන දෙදෙනාගේ පිළිස්සුණු සිරුරු සොයාගත් අතර දීර්ඝ විමර්ශනයකින් පසු මෙසේ සැකකරුවන් අත්අඩංගුවට හැකිවීම පොලීසිය ලද ජයග්‍රහණයකි. මෙම ඝාතන සිදුකොට ඇත්තේ ජනවාරි 31 වනදා සිදුවූ නයනා නිල්මිණි හා කවින්ධ්‍යා යන දියණියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බවයි හෙළිව ඇත්තේ. රුපියල් ලක්ෂයට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට හෙළිව ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මැණික් ගරන්නෙක්, වාහන පින්තාරුකරුවෙක්, පොල් කඩන්නෙක් හා කම්කරුවෙක්ද වන බවයි පැවසෙන්නේ. මේ අතර මුලින්ම සිදුවූ මවගේ හා දියණියගේ ඝාතනයෙන් පසු ඝාතනය වූ සේතුංගගේ දයාවතී හා සේතුංගගේ තිලකාවතී යන දෙදෙනාගේ ඝාතනද සිදුකොට ඇත්තේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ සැලැස්මක් මත බවට අනාවරණය කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

No comments:

Post a Comment