Friday, 19 October 2012

26 වැනිදා නිවාඩු නැහැ

ලබන 26 වැනි දිනට යෙදී තිබූ හජ් උත්සවය මේ මස 27 වැනි දිනට යෙදීම හේතුවෙන් එදින නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, ඒ අනුව මේ මස 27 වන සෙනසුරාදා රජයේ සහ විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කරන බවයි. ඒ අනුව මේ මස 26 වැනිදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් නොවන බව අමාත්‍යාංශය දැනුම් දී සිටී.

No comments:

Post a Comment