Friday 19 October 2012

කප්පම්කරු රෝහලේදී අත්අඩංගුවට

තලංගම, හෝකන්දර ප්‍රදේශයේදී තරුණියකගෙන් කප්පම් ගැනීමට පැමිණි සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට යාමේදී පොලීසිය වෙඩි තබා තිබේ. උසස් පොලිස් නිලධාරියෙකු පැවසූවේ, අදාළ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි. එහිදී පලාගිය සැකකරු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත්ව සිටියදී අද අලුයම පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 17 හැවිරිදි තරුණියකට දුරකථනයෙන් තර්ජනය කර සැකකරු කප්පම් මුදල් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක විය. පොලීසිය පැවසූවේ, ‍ඊයේ රාත්‍රි අදාළ කප්පම් මුදල ගෙවීම සඳහා එම තරුණිය සුදානම් කර සැකකරු දැනුම්දුන් ස්ථානයට යොමු කළ බවය. එහිදී සැකකාර තරුණයා කප්පම් ගැනීමට තැත් කිරිමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට යාමත් සමග අදාළ සිද්ධිය සිදු විය. එම සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු තරුණියන්ගේ ජංගම දුරකථන අංකවලට අමතා තර්ජනය කර මෙලෙස කප්පම් ගැනීමේ ජාවාරමක් ලෙස සිදුකර තිබේ ද යන්න සෙවීමට නුගේගොඩ ‍‍කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත.

No comments:

Post a Comment