Saturday 13 October 2012

උ/පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 30ක් වැසේ

පසුගිය උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ තෙවන අදියර සඳහා පාසල් 30ක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ මේ මස 24 වැනිදා සිට ලබන මස 6 වැනිදා දක්වා මෙම පාසල් වසා දැමෙන බවයි. ඉන් පාසල් 13 කම සියලු පන්තිවල සිසුන් සඳහා පාසල වසා දැමෙන බව ඔහු සඳහන් කළේය. සෙසු පාසල් වසා දැමෙන්නේ තෝරා ගත් පන්තිවල සිසුන් සඳහා පමණි. අදාළ පාසල්වල ලේඛනය සඳුදා දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ, උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් පළමු අදියර මධ්‍යස්ථාන 4 කදී මේ වන විට සාර්ථකව සිදුවන බවයි. දෙවන අදියර මේ මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment