Saturday, 13 October 2012
සාකච්ඡා සඳහා සූදානම් - TNA
ආණ්ඩුව සමග බිඳවැටී ඇති සාකච්ඡා යලි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ සංචාරයක නිරත දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්දිරන් මහතා නවදිල්ලි නුවර සිට නිවුස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේ තමන් මේ පිළිබද ඉන්දීය බලධාරින් සමග සාකච්ඡා පැවැත්වු බව ය.
මෙම ඉන්දීය සංචාරය තුලදී තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, විදේශ අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණා යන මහත්වරුන් ඇතුලු බලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වු බවද සුමන්දිරන් මන්ත්‍රිවරයා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්දිරන් මහතා
’’ මේ දෙපැත්තේ සාකච්ඡාව , ඒ කියන්නේ රජයටත් දෙමළ ජාතික සන්ධානයත් අතර තිබුණු දෙපැත්තේ සාකච්ඡාව දැන් කඩා වැදිලා තියෙන්නේ.ආය ඒක ඉදිරියට ගෙන යන්න කරන්නේ මොකක්ද කියලා අපි ඉන්දීය රජයට සාකච්ඡා කරලා තියෙනවා.ඒ වගේම අපි නැවත දිවයිනට පැමිණියට පස්සේ ඒ සාකච්ඡාව ආරම්භ කරන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.’’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment