Sunday, 14 October 2012
මාතලේ තක්කාලි ගොවින්ගෙන් මැසිවිලි
තම අස්වැන්න අලෙවිකර ගත නොහැකිව මාතලේ ලග්ගල උඩසියපත්තුව ප්‍රදේශයේ තක්කාලි ගොවිහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
අප වාර්තාකරු පවසන්නේ ඉලුක්කුඹුර, කහගල, මහල කොටුව සහ පිටවල ඇතුළු ප්‍රදේශ රැසක තක්කාලි ගොවින් මේ හේතුවෙන් දැඩි පිඩාවට පත්ව සිටින බව ය.
තක්කාලි කිලෝග්‍රෑම් එකක් රුපියල් 2.50 ත් 3 ත් අතර අඩු මිලකට වෙළෙඳුන් මිලදි ගන්නා බව ගොවීහු පෙන්වා දෙති.
මාතලේ නියෝජ්‍ය කෘෂි අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ පසු ඔහු පැවසුවේ මෙවැනි ගැටලුවක් තමන් වෙත මේ දක්වා වාර්තා වි නොමැති බව ය.
කරුණු සොයා බලා ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා බව ද ප්‍රසන්න පල්ලේමුල්ල මහතා ප්‍රකාශ කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment