Monday, 8 October 2012

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් රෝහලෙන් පිටව යයි

කිසියම් පිරිසකගේ පහර දීමට ලක්වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා ප්‍රතිකාර ලබා අද දහවල් රෝහලෙන් පිටව ගොස් තිබේ. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මංජුල තිලකරත්න මහතා ගේ මුහුණට තුවාල සිදුවී තිබූ අතර ඔහු රෝහලේ 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බව ය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා ගල්කිස්ස හෝටල් පාරේ, ශාන්ත තෝමස් විද්‍යාලය අසලදී ඊයේ ප්‍රහාරයට ලක්වුණි.

No comments:

Post a Comment