Sunday, 7 October 2012
රෙජිමෙන්තුවේ මැරකම් වලට එරෙහිව,නීතිඥවරු හෙට දැවැන්ත විරෝධතා පාගමනක
අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දීමට විරෝධය පා හෙට උදෑසන 9.00 ට කොළඹ අධිකරණය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සහ කොටුව දක්වා පාගමනක් යාමටද ශ්‍රි ලංකා නීතිඥ සංගමය අද හවස තීරණය කළේය.
දිවයින පුරා සිටින සියළුම නීතිඥවරුන්ට මෙම විරෝධය සඳහා පැමිණෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.
හෙට දිනයේ අධිකරණ කටයුතු වර්ජනය කිරීමට අද රැස්වූ මහේස්ත‍්‍රාත් විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභාව ද තීන්දු කළහ. මෙවැනි වර්ජනයක් ශ‍්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ දෙවන අවස්ථාව වනු ඇත. මීට පෙර මන්නාරම අධිකරණයට ඇමැති රිෂාඞ් බදුර්දීන් ගේ මැරයන් කළ පහරදීමත් ඇමැතිවරයා විනිසුරුවරයාට කළ තර්ජනයත් නිසා විනිසුරුවරු හා නීතිඥවරුවර්ජනයක යෙදුනාහ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment