Saturday, 13 October 2012

ඒ ඉනිමං වලට පයින් ගහන්න හදනවා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ හලාවත දී රැස්වීමක් පැවැත්වුණි. මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වූහ. මෙහි දී අදහස් දැක්වූ අනුර කුමාර දිසානයක මහතා '' අද සුමනවීර බණ්ඩා දිසානායක එස්.බී.දිසානායක ලෙස ,අප රටේ උසස් අධ්‍යාපනධූරය හොබවන්නේ,මේ අධ්‍යාපනේ ප්‍රථිඵල වෙන මොනවත් නෙමෙයි.බන්දුල ගුණවර්ධන හංවැල්ල රාජසිංහ විද්‍යාලෙන් අධ්‍යාපනේ ආරම්භ කරලා .අද පාසල් අධ්‍යාපනේ ඇමතිවරයෙක් බවට පත්වෙලා .පාසල් ඒ අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වෙලා ඒ බන්දුල ගුණවර්ධනගෙ ඉඩකඩ විවෘත වුණේ මොකක් නිසාද මේ අධ්‍යාපනය නිසා.දැන් තමන් ඒ අධ්‍යාපනයෙන් ගොඩ නැඟිලා තමන් ඒ අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිල්ලා අනෙක් කිසිදු දරුවෙකුටවත් ඒ අයිතිය ලබා ගන්න බැරිවෙන විදියට ඒ ඉනිමං වලට පයින් ගහන්න හදනවා.මේක ඉටුවීම් ඉටුවීමට දිය යුතුද? ''

No comments:

Post a Comment