Saturday, 13 October 2012
මී මුනුපුරන් ඇති තැනැත්තෙක් මේ සභාවේ කියන්නේ අවරගණයේ කතා - අනුර
ජේ. ආර්. සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ ඉතා පහත් වචන බවත් එතුමා මාධ්‍ය හරහා ගොඩනගා ඇති ප්‍රතිරූපය ප්‍රබන්ධයක් බව ඉන් පැහැදිලි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු ඒ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අධ්‍යාපනය ගැන කතාකරමින් සිටියදී නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියපෙරුම මහතා කතා කිරීමට භාවිතා කළ වචන සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
අජිත් පී. පෙරේරා - ගුවන් කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා කිව්වා. ඒත් එක්කම අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා කිව්වා. හැබැයි ගුවන් කේන්ද්‍රස්ථානය කරන ආයෝජනයත් නැහැ. අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන ආයෝජනයත් නැහැ.
ජේ. ආර්. පී. සූරියප්පෙරුම - තමුන්නාන්සෙලා වෙඩි තියන්න ඕන. එල්ලන්න ඕන. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා. යූඇන්පීය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ. තොපි අම්මගෙ බඩේ හිටියේ. මෝඩ කතා කියන්න එපා.
අජිත් පී. පෙරේරා - ගොනා, බූරුවා, මොඩයා ආදී වචන මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ ගුරුවරයා, මේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරයා. මෙන්න කතාකරන විදිහ.
ජේ. ආර්. පී. සූරියප්පෙරුම - ඇත්ත වශයෙන්ම ගොනාට ගොනා හැර මම වෙන මොනව කියන්නද? බූරුවට බූරුව කියනව මිසක් වෙන දෙයක් කියන්නේ නැහැ. එම්බසියෙන් දෙන කෝට්එක ගහලා, සපත්තු කුට්ටම එම්බසියෙන් දෙන්නේ. (සුජීව සේරසිංහ මහතා යමක් කීමට නැගීසිටින විට) අර හාදයනම් මොන තුට්ටුදෙකේ පෙරකදෝරුවෙක්ද? (තවත් මන්ත්‍රීවරයෙකු නැගීසිටින විට) මොඩයා කතාකරන්න එපා. ගොඩේ ඉඳල ඇවිල්ල මේ කොළඹට...
අනුර දිසානායක - ආණ්ඩුව නියෝජනය කරමින් මීට පෙර කතාකරපු මන්ත්‍රී තුමා මාධ්‍ය හරහා ගොඩනගල තියෙන ප්‍රබන්ධය තමයි ඔහු බොහෝම විද්වත් ඒවගේම පරිනත ප්‍රතිරූපයක් තමයි. මේ පාසල් ශිෂ්‍යයන් ඇවිල්ල ඉන්න වෙලාවේ. තමන්ගෙ මී මුණුපුරන් දැකල තියෙන තැනැත්තෙක්. මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කරන වචන. මහත් අවර ගණයේ ප්‍රකාශ. මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කවදාවත් ප්‍රකාශ වෙච්ච නැති ප්‍රකාශ සිදුකිරීම ගැන අපි කනගාටු වෙනවා. එවැනි වචන සිදුකිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment